ඔබ ඔබේ මතකය ගැන කනස්සල්ලට පත්ව සිටී නම් හෝ සැලසුම් කිරීම හා සංවිධානය කිරීමේදී ගැටළු තිබේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම වඩාත් සුදුසුය. ඔබ වෙනත් අයෙකු ගැන කරදර වන්නේ නම්, වෛද්‍යවරයා හමුවීම සඳහා ඔවුන්ව දිරිමත් කරන්න. හැකිනම් ඔබත් ඔවුන් සමග යාමට ඉදිරිපත් වන්න. මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු එහි සිටීම බොහෝ විට ඉතා ප්‍රයෝජනවත් වේ. නිවැරදි, කාලෝචිත රෝග විනිශ්චයක් මඟින් අනාගතය සකස් කර ගැනීමට, සූදානම් කිරීමට සහ සැලසුම් කිරීමට මෙන්ම ඔබට උපකාර කළ හැකි ප්‍රතිකාර හා උපකාර සඳහා හොඳම අවස්ථාව ලබා දේ.
මතක ගැටළු ඩිමෙන්ශියාවෙන් පමණක්ම ඇති නොවේ - පහත සඳහන් හේතු ද විය හැක:
විශාදය(depression) හෝ කාංසාව<(anxiety)/1>
හේතුව කුමක් දැයි සොයා ගැනීමට ඔබගේ වෛද්‍යවරයා සරල පරීක්ෂණ කිහිපයක් කළ හැකිය. අවශ්‍ය නම් ඔවුන්ට ඔබව පරීක්ෂා කිරීම සඳහා විශේෂඥයෙකු වෙත යොමු කළ හැකිය. ඔබගේ ගැටළු සහ ඔබ හෝ ඔබගේ පවුලේ අය නිරීක්ෂණය කර ඇති දේ ගැන ඔබගේ වෛද්‍යවරයා විමසනු ඇත. ඔවුන් ඔබේ සෞඛ්‍ය තත්වයේ වෙනත් අංශ පරීක්ෂා කර ශාරීරික පරීක්ෂණයක් පවත්වනු ඇත. ඔවුන් සමහර රුධිර පරීක්ෂණ කළ හැකි අතර ඔබේ රෝග ලක්ෂණ ඇති විය හැකි වෙනත් හේතු බැහැර කිරීමට ඔබ ගන්නා ඖෂධ ගැන විමසිය හැක. ඔබගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කිහිපයක් අසනු ඇති අතර සහ ඔබේ මොළයේ විවිධ අංශ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීම සඳහා මතකය, සිතීම සහ පෑන සහ කඩදාසි භාවිතයෙන් කාර්යයන් කිහිපයක් සිදු කරනු ඇත. වැඩිදුර පරීක්ෂා කිරීම් සඳහා ඔබව විශේෂඥවරයකු වෙත යොමු කළ යුතුද යන්න තීරණය කිරීමට මෙය ඔබගේ වෛද්‍යවරයාට උපකාරී වේ.
ඔබට ඇල්සයිමර් රෝගය තිබේද යන්න පිළිබඳව ඔබගේ වෛද්‍යවරයාට සැකයක් ඇත්නම්, ඔවුන් ඔබව පහත සඳහන් අකාරයේ විශේෂඥවරයකු වෙත යොමු කළ හැකිය,:
විශේෂඥවරයකු ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් හඳුනා ගැනීම, රැකබලා ගැනීම සහ උපදෙස් දීම පිළිබඳ විශේෂඥවරයකු වන සහ වෙනත් වෘත්තිකයන් සමඟ මතක සායනයක ක්‍රියාකරන අයකුද විය හැකිය. ඇල්සයිමර් රෝගය හඳුනා ගැනීම සඳහා සරල හා විශ්වාසදායක පරීක්ෂණයක් නොමැත, නමුත් මතක සායනයේ කාර්ය මණ්ඩලය ඔබේ මතකය හෝ සිතීම පිළිබඳව ඔබ සහ ඔබේ පවුලේ අය දක්වන සැලකිල්ලට සවන් දෙනු ඇත. ඔවුන් ඔබේ මතකය සහ මානසික හැකියාවන් පිළිබඳ වෙනත් අංශ තක්සේරු කරනු ඇති අතර, අවශ්‍ය නම්, වෙනත් තත්වයන් තිබේදැයි තහවුරු කිරීම සඳහා තවත් පරීක්ෂණ කරනු ඇත. මානසික හැකියාවන් පරීක්ෂණ විශේෂඥයකු සාමාන්‍යයෙන් සංජානන තක්සේරු කිරීම් ලෙස හැඳින්වෙන පරීක්ෂණ භාවිතා කරමින් මතකය හෝ සිතීම වැනි ඔබේ මානසික හැකියාවන් තක්සේරු කරනු ඇත. බොහෝ සංජානන තක්සේරු කිරීම් සඳහා පෑන සහ කඩදාසි පරීක්ෂණ සහ ප්‍රශ්න මාලාවක් ඇතුළත් වන අතර ඒ සෑම එකක්ම ලකුණු ලබා ගනී. මෙම පරීක්ෂණ මගින් පහත ආකාරයේ විවිධ මානසික හැකියාවන් ගණනාවක් තක්සේරු කරයි:
පුද්ගලයෙකුගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂණයේ ලකුණු වලට බලපානු ඇති බව මතක තබා ගැනීම වැදගත්ය. නිදසුනක් වශයෙන්, ඉතා හොඳින් කියවීමට හෝ ලිවීමට නොහැකි කෙනෙකුට අඩු ලකුණු ප්‍රමාණයක් තිබිය හැකි නමුත් ඔවුන්ට ඇල්සයිමර් රෝගය නොතිබිය හැකිය. ඒ හා සමානව, ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ඇති අයෙකුට ඉහළ ලකුණු ලබා ගත හැකි නමුත් ඩිමෙන්ශියාව තිබිය හැක. එම නිසා වෛද්‍යවරුන්ට සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීමට උපකාර කළ හැකි නමුත් ඩිමෙන්ශියාව හඳුනා ගැනීමට ඒවා කිසි විටෙකත් භාවිතා නොකළ යුතුය. වෙනත් පරීක්ෂණ ඔබේ රෝග ලක්ෂණ සඳහා ඇති විය හැකි වෙනත් හේතු බැහැර කිරීමට සහ ඇල්සයිමර් රෝගයෙන් සිදුවිය හැකි හානිය පිළිබඳ සලකුණු සොයා බැලීමට, ඔබේ විශේෂඥවරයාට ඔබගේ මොළයේ ස්කෑන් පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කළ හැකිය. එවා නම් පහත සඳහන් ආකාරයේ පරීක්ෂණයක් විය හැකිය:
සමහර විශේෂඥ මධ්‍යස්ථාන මගින් මොළයේ ක්‍රියාකාරිත්වය සහ විශේෂිත ප්‍රෝටීන් තැන්පතු පිළිබඳව සොයා බලන ස්කෑන් ලබා දේ. නමුත් මේවා සාමාන්‍යයෙන් සායනික අත්හදා බැලීම් සඳහා සීමා කර ඇත. දුර්ලභ විශේෂ අවස්ථා වලදී, ඩිමෙන්ශියාව හා සම්බන්ධ ප්‍රෝටීන විශ්ලේෂණය කිරීම සඳහා ඔබේ කොඳු ඇට පෙළෙන් තරලයක් ගැනීම සඳහා නිර්දේශ කරනු ලැබේ ( lumbar puncture ලෙස හැඳින්වේ). නමුත් මෙය ඩිමෙන්ශියාව සඳහා වන පරීක්ෂණයක් ලෙස පුරුද්දක් ලෙස භාවිතා නොකරන අතර පර්යේෂණ කටයුතු සඳහා බහුලව භාවිතා වේ.
බොහෝ විට වඩා ඉක්මණින් රෝග විනිශ්චය කළ හැකි වුවද, ඇල්සයිමර් රෝග විනිශ්චය තහවුරු කිරීමට මාස කිහිපයකට පෙර පරීක්ෂණ බොහෝමයක් සහ වෛද්‍ය හමුවීම් බොහොමයක් ගතවනු ඇත. ඔබට සහ ඔබේ පවුලේ අයට ඩිමෙන්ශියා රෝග විනිශ්චය සඳහා අනුගත වීමට කාලය ගතවේ. සමහර අය තොරතුරු සෙවීම සහ අනාගතය සඳහා සැලසුම් කිරීම ප්‍රයෝජනවත් යැයි සිතන නමුත් අනෙක් අයට මෙය දරාගැනීමට දීර්ඝ කාලයක් අවශ්‍ය විය හැකිය. පවුලේ අය සහ මිතුරන් සමඟ දේවල් කතා කිරීම උපකාරී විය හැකිය. ඇල්සයිමර් රෝගය ක්‍රමයෙන් උග්‍ර වන රෝගයක් බැවින්, රෝග විනිශ්චය කිරීමෙන් සති සිට මාස දක්වා කාලය අතරතුර බොහෝ විට අනාගතය සඳහා නෛතික, මූල්‍ය හා සෞඛ්‍ය සේවා පිළිබඳව සිතීමට හොඳ කාලයකි.